ප්රියානි කියන්නෙ අනුරාධපුර පැත්තෙ කෙල්ලෙක්.
ජීවිතේ ලස්සනම හීන දැක්ක පුංචි කෙල්ලෙක්.
ඒ පුංචි කෙල්ල ශ්රීනාත් අයියා එක්ක පැනලා ගියේ යන්තම්
අවුරුදු 17ක් වෙද්දි….
ශ්රීනාත් අයියා ට අවුරුදු 30ක් විතර ඇති.
“නාකි මනමාලයා” කියලා හැමෝම විහිලු කළත්
ප්රියානි කිවුවේ එයාට ලැබුණු හොඳම කෙනා ශ්රීනාත් අයියා
කියලායි…
ශ්රීනාත් අයියා මැරෙනකොට ශ්රීනාත් අයියට අවුරුදු 31යි.
ශ්රීනාත් අයියා මැරෙන්නෙ රවී අයියා අතින්..
එතකොට කවුද රවී අයියා..?
“රවී අයියා කියන්නෙ අපේ ගමේ වීල් එක එළවපු අයියා.
එයා තමයි මා එක්ක හැම වැඩකට ම එන්නෙ.
මාර ආදරෙයි මට… හැබැයි එයා මට කිට්ටු වෙන්න බයවුණා.
මම මැරි කරපු කෙනෙක් නිසා. මගේ හස්බන් ටිකක් නපුරු
කෙනෙක් නිසයි එයා බයවුණේ..”
“හැබැයි එයාටත් කලින් මම ඉක්මණ් වුණා.
එයා හස්බන් නැතිවෙලාවට අපේ ගෙදර ආවා.
රවී අයියා උස මහත කෙනෙක්. එයාගෙන් ලැබුණු
ලිංගික සතුට මට හස්බන්ගෙන් කවදාවත් ලැබිලා නැහැ…”
“එදා රෑත් අපි එහෙම සතුටු වුණා. හස්බන්
දුර ගමනක් ගිහින් හිටියේ… රවී අයියා එන්නෙ පිටිපස්ස
දොරෙන්.. ඒකත් අහළ පහළ ගෙවල් වල ලයිට් නිවුණම..”
“එදා රවී අයියා පුරුදු විදිහට පැටියෝ මම ආදරෙයි
කියලා මාව ඉඹින්න ගත්තා. එයා ඇඳන් හිටපු සරමත්
බිමට වැටුණා. මම හරිම ආසාවෙන් එයාට තුරුළු වුණේ.
ඒත් එක්කම මට සද්දයක් ඇහුණා. ඒත් අපි හිතුවා ඒ සුද්දි (පූසා)
වෙන්නැති කියලා. ඒත්… මෙන්න එකපාරම…”
“හස්බන්… ඔව් හස්බන් එකපාරම කඩාගෙන පැන්නා…
මට හිතාගන්න බැරිවුණා. මේ එයා කවදාවත් එන වෙලාවකුත්
නෙවෙයි… රවී අයියා බයවෙච්ච පාර පනින්න හැදුවත් හස්බන්
එයාව අල්ලන් බිම පෙරළගෙන පොර පැදුවා. ඒත් එකපාරම….
රවී අයියා අතට අහුවුණු දොර පොල්ලකින් හස්බන්ට ගැහුවා.”
“හස්බන් මිනී මරනවෝ කියලා කෑ ගහගෙන වැටුණේ..
ඊළඟ මොහොතේ හැමෝම එතැනට එකතු වුණා.
රවී අයියා හැමෝටම කිවුවෙ හස්බන් මට කරදර කරනවා ඇහිලා
පොල්ලකින් පත බෑවා කියලයි. ඒත් හැමෝම දැනගත්තා,
වෙලා තියෙන්නෙ වෙන දෙයක් කියලා…”
“පස්සෙ රවී අයියා වරද පිළිඅරන් පොලිසියට භාරවුණා.
අපි උසාවියේ දී කිවුවා මේක හදිසි කෝපය නිසා
වුණ දෙයක් කියලා…”
“රවී අයියාව හිරේ දැම්මා. ඒත් අදටත් මම එයා එනකන්
මඟ බලාගෙන ඉන්නවා ඉතින්…






