පිරිමියෙකු නිසා තම ජීවිතය අතීතයේ දී වැරදුනද මේ වන විට දෙවියෙකුවන් පිරිමියෙකු තමාට මුණ ගැසී ඇති බවත් ඔහු නිසාවෙන් තමා ජීවිතය යළි සකසා ගත් බවත් ජනප්රිය රංගන ශිල්පිණි උදයන්ති කුලතුංග පවසනවා.
යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක වරදින්නට ඉඩ ඇති බවත් නමුත් ඉන් කඩා නොවැටී ජීවිතය ඉදිරියට ආ යුතු බවත්ය.






