Press "Enter" to skip to content

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් කියන අදහාගත නොහැකි කතාව..

මේ කෙල්ල හැමදාම ක්ලබ් එන කෙල්ලෙක්.
හැබැයි අර කියන පොෂ් පන්නයේ කෙල්ලෙක් නෙවෙයි.
ආවා.. යාලුවෝ එක්ක කදේ දැම්මා.. ගියා..

පට්ට ලස්සනයි මේකි.. කොල්ලො පොර කනවා,
මේකි එක්ක ඩාන්ස් කරන්න..
හැබැයි මේකි නෙවෙයි යන්තම්වත් ළංවෙන්නෙ..
මාර ඩිසිප්ලින් එකක් මචං ඒක…

දවසක් මට හම්බුණා, මා එක්ක කතාවට සෙට් වුණා,
ඒ වෙලාවේ මම මීඩියා කියලා දැනගත්තම ගෑනි ටිකක්
වැඩිපුර මා එක්ක කතාවට වැටුණා.

පස්සෙ තමයි ඔය කතාව කිව්වේ.
මාර කෙල්ලෙක් බං.. මට නම් මාර පුදුම හිතුණා !!

“අපේ තාත්තා බිස්නස් කරන්නෙ. ඔයා දන්නවත් ඇති නම කිව්වම..

  • – – – හොටෙල් එක අයිති එයාට. ඊට අමතරව – – – කියන
    රෙදි බිස්නස් එක කරන්නෙත් එයා. මම දන්න කාලේ ඉඳන්
    තාත්තා වැඩිපුර ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයි.
    හිටියෙම ගෙදරින් පිට.. බිස්නස් යනවා කියලා ගෙදරින් යනවා.
    ඔය අතරේ තාත්තා ගැන එක එක කතා එහෙමත්
    ගෙදරට ආරංචි වුණා. අම්මා සමහර වෙලාවට තාත්තා ආවම
    රංඩු වෙනවා..”

“තාත්තාට හැමතැනම ගෑනූ ඉන්නවා කියන එක
අම්මත් දැනන් හිටියා. තාත්තා සල්ලිකාරයා නිසා තාත්තාගේ
පස්සෙන් එන කට්ටිය වැඩී.. කෙල්ලොත් එල්ලෙන්න බලාගෙනනේ
ඉන්නෙ.. හැබැයි අම්මා මාව මාට නීට් එකට හැදුවා.
මට සමාජේ ගැන කියලා දුන්නා. එයා හැම පෝයටම සිල් ගන්නවා.
සල්ලිකාර ගෑනියක් වුණත් එයා රැඟුවේ නෑ.
මිනිස්සුන්ට උදව් කළා. අම්මා කියලා දුන්නා පිරිමියෙක්ව
අතේ දුරින් ආශ්‍රය කරන හැටි..”

“ඒ දේවල් එක්ක මම ගොඩක් සමාජය ගැන දැනගත්තා.
අදටත් මම ක්ලබ් ආවට නරක කෙල්ලෙක් නෙවෙයි. කොටින්ම
විශ්වාස කරන්න මගේ කන්‍යභාවයවත් මම පූජා කරලා නෑ.
රිලේශන්ෂිප් ගැනත් මම සෑහෙන්න හිතනවා..”

“අපේ පවුල කැඩුවේ එක නිළියක්. එයා තාම ඉන්නවා
මම දැකලා තියෙනවා ෆිල්ම්වල. එයාගේ නම… – – – – !
අර ළඟදි රිලිස් වුණු – – – – කියන ෆිල්ම් එකෙත් එයා ඉන්නවා.
අපේ අම්මා සතියකට සිංගප්පූර් ගියා. ඒ දවස්වල තමයි තාත්තා ඔය
නිළියව එක්කන් ආවේ. මට එතකොට අවුරුදු 14ක් වගේ ඇති..”

“මට කිව්වා ඒ ආන්ටි එක්ක තමා අලුත් බිස්නස් එක
කරන්නෙ. ඒකට ඩිස්කස් කරන්න එක්කරගෙන ආවේ කියලා..
මම පොඩි බබෙක් වුණත් ඒ බබා පාට් මට තේරුණා. පස්සෙ මට කිව්වා,
අම්මට කියන්න එපා කියලා. චොකලට් දුන්නා. ඒවා දීලා මාව
රවට්ටලා තිබ්බෙ. අර නිළියත් මාව හුරතල් කරනවා බොරුවට..”

“හැබැයි ලංකාවට ආපු ගමන්ම මම කළේ අම්මට මේක කියපු එක.
මොකද අම්මා මට පුරුදු කරලා නෑ බොරු කියන්න.
අනික මම අම්මට එච්චරම ආදරෙයි.
මේක දුර දිග ගිහින් අම්මා නඩු කිව්වා තාත්තගෙන් ඩිවෝස් වෙන්න.
පස්සෙ අම්මිට මාව භාර දුන්නා කෝට් එකෙන්.
තාත්ත තාමත් අර සල්ලාල ජීවිතේ ගත කරනවා.”

“මම හොඳට ඉගෙන ගත්තා. ඒලෙවල් හොඳ රෑන්ක් එකකින් පාස් වුණා.
පස්සෙ ප්‍රයිවට් කැම්පස් එහේකට ගියා. තාත්තා වියදම් දෙනවා.
තව ටික දවසකින් කැම්පස් ඉවරයි.. එතකන් තමා මේ
ෆන් එකේ ඉන්නෙ. යාලුවෝ එක්ක ක්ලබ් එහෙම එනවා ඉතින්..
ඒ ජරා වැඩවලට නෙවෙයි. යාලුවොත් එක්ක ෆන් ගන්නවා ඉතින්..
හැබැයි මම අම්මා කියලා දීපූ දේවල් රකිනවා..
එයාට මම ආදරෙයි..”

More from GossipMore posts in Gossip »