Press "Enter" to skip to content

ලංකා IOC සමාගමෙන් හදිසි පණිවිඩයක්..

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත්, එසේ වුවහොත් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් IOC සමාගම ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසයි.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

IOC සමාගම විසින් එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් හුවමාරු ‌වෙමින් තිබේ.

ඒ අනුව සමාජයේ බොහෝ පිරිසක් අදාළ පුවත සම්බන්ධයෙන් බිය වී සිටි අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ආකාරයක් ද දක්නට ලැබේ.

ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍ය පුවතක් බවට සඳහන් කළේ එවන් පසුබිමකය.

More from GossipMore posts in Gossip »