Press "Enter" to skip to content

වැඩිකළ ඉන්ධන කෝටාව ගැන ගත් අලුත්ම තීරණය

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය යටතේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව අවම වශයෙන් තවත් සතියක්වත් එලෙසම පවතින බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

එමෙන්ම ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 04 වනදා සිට මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කළා.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමටයි පසුගිය දා පියවර ගත්තේ.

බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා වු අගයකින් ඉහළ දැමුණා.

More from GossipMore posts in Gossip »