Press "Enter" to skip to content

එකම තරුණයාට පෙම් කළ කාන්තාවන් දෙදෙනෙක් ගෙල වැලලා ගනී – 60 හැවිරිදි එක් කෝටිපති පෙම්වතියක් මරුටv

40 හැවිරිදි එකම පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනකු එකම දිනයේ ගෙල වැලලා ගැනීමේ පුවතක් පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 60ක් වන එක් පෙම්වතියක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 32 හැවිරිදි අනිත් පෙම්වතිය කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මියගිය කාන්තාවගේ සැමියා මීට වසර 15 කට පෙර මිය ගිය පසු ඇය වයස අවුරුදු 25 ක තරුණයෙකු ඇසුරු කිරීමට පටන් ගෙන ඇති අතර තරුණ පෙම්වතා සතුටු කිරීම සඳහා ඇය ඇගේ සුපෝගබෝගී නිවස ඇතුළු සියලු දේපළ ඔහුගේ නමට ලියා තිබෙනවා.

මෙලෙස වසර 15ක් මොවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර මීට දින කිහිපයකට පෙර ඇයට ආරංචි වී ඇත්තේ දැනට වයස 40ක් වන ඇගේ පෙම්වතා පිළියන්දල ප්‍රදේශයේම 32 හැවිරිදි තරුණියක් සමග විවාහ වී ඇති බවයි.

පසුව 60 හැවිරිදි කාන්තාව එම 32 හැවිරිදි කාන්තාව සොයා ගෙන ගොස් කරුණු විමසා ඇති අතර ආපසු නිවසට පැමිණීමෙන් අනතුරුව ඇය සිය සුඛෝපභෝගී නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

32 හැවිරිදි කාන්තාව ද තමා විවාහ වී ඇත්තේ ඇන්ටිලා සමඟ පවුල් කන අයෙකු බව දැනගැනීමෙන් අනතුරුව ඇයද ගෙල වැළලාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ ජීවිතය බේරී ඇති අතර ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »