Press "Enter" to skip to content

අවුරුදු උත්සවයට යමින් සිටි පේරාදෙණි පෙරපාසල් ගුරුවරියගේ බෙල්ල කපා මරා දමයි!

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවෙකු විසින් ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවෙකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

More from GossipMore posts in Gossip »