Press "Enter" to skip to content

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්.. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි..

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී, එහි මූල්‍ය අංශයේ ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම ඊට හේතුව බවද එම සංගමය පැවසීය.

මේ හේතුවෙන් ඊයේ (05 වැනිදා) පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ. පෝය දිනයක් වූ ඊයේ බැංකු වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතා ඇතිවූ බවද එම සංගමය පැවසීය.

ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමග ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණියද ඉන්ධන සැපයුම අඩාල වන ලකුණු පෙනෙන්නට ඇතැයි ද එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ඔහු පවසන්නේ උත්සව සමයයේදී ඉන්ධන සැපයුම මෙලස අඩාළ වන්නේ නම් පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතාවන්ට පත්වීමට සිදුවනු ඇති බවයි.

-අරුණ

More from GossipMore posts in Gossip »