Press "Enter" to skip to content

රූමත් දෙදරු මවකට ලිංගික අතවර කර රුපියල් 1000ක් දීලා ගිහින්.. වතුර වීදුරුවක් දෙන්න ගිහින් කරගත්තු දෙයක්..

රත්ගම බූස්ස ප්‍රදේශයේ දෙදරු මවකට ලිංගික අතවර කළ දෙදරු පියෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 වියේ පසුවන අයෙකි. මොහු මෙම කාන්තාවගේ නිවසට ගොස් වතුර වීදුරුවක් ඉල්ලා ඇත. කාන්තාව වතුර වීදුරුව රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේ සැකකරු ඇයගේ පිටුපසින් ගොස් කාන්තාව බදාගෙන ඇත.

ඒ සමග කාන්තාව සැකකරුට කම්මුල් පහරක් එල්ලකොට තිබේ. සැකකාර පුද්ගලයා රුපියල් 1000ක මුදලක් නිවස තුළ තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් ඇත.

කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිවයින

More from GossipMore posts in Gossip »