Press "Enter" to skip to content

ප්‍රසිද්ධ පාසලක සිසුවියක් තැඹිලි කපන කොල්ලෙක් එක්ක පැනලා ගිහින්.. දින 6ක් එක එක තැන්වල කල්ගත කරලා..

වේයන්ගොඩ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 13 ක් වන බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවක් සමග පැන ගිය තරුණයෙකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ගන්න ලබා ගන්නා ලෙසත් නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක් වූ තරුණයකු බවත් සැකකාර තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ මාර්ගය අයිනේ තැඹිලි වෙළෙඳාම සිය වෘත්තිය ලෙස කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බාල වයස්කාර පාසල් ශිෂ්‍යාව පාසල් යන එන අතරතුර මාර්ගය අයිනේ තැඹිලි කපන තරුණයා නිරන්තරයෙන් හමුවී කතාබහ කර ඇති අතර පසුව එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්ව ඇත.

සැකකරු සහ බාල වයස්කාර සිසුවිය පැන යාමෙන් පසුව බස් නැවතුම්පොළවල් වල, කඩපිල්වල සහ ගස් යට දින 06 ක් කල් ගත කර ඇති බව විමර්ශණවලින් හෙළි වී ඇත.

බාල වයස්කාර දැරියගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක සකුණි මෙනවිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

දිවයින

More from GossipMore posts in Gossip »