Press "Enter" to skip to content

රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක්.. මහ බැංකු අධිපතිවරයාගෙන් පොරොන්දුවක්..

වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළ ද එයට සතුටුදායක පිළිතුරක් නොලැබුණ බවත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බවත් එම සංගමය කියයි.

පාවිච්චි කළ වාහන සඳහා වන පොලිය අඩු කළ හොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ තව දුරටත් පවත්වාගෙන යා හැකි බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

More from GossipMore posts in Gossip »