Press "Enter" to skip to content

රටම පුදුමයට පත් කරමින් හිසක් නොමැති දරුවෙක් උපත ලබයි.. දරුවා ඉපදී ඉක්මනින්ම මියයයි..

ඉන්දියාවේ අද ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ දුර්ලභ දරු උපතක් සිදුව තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ දිස්ත්‍රික්කයේ සරස්කාන බල ප්‍රදේශයට අයත් කුලපාත ගම්මානයේයි.

ඒ,උපතේදී දරුවා හිසක් සහ මුඛයක් නොමැතිවයි උපත ලබා ඇත්තේ. ( මෙහිදී හිසක් නොමැතිව යන්නෙන් අදහස් කෙරනු ඇත්තේ විකෘති හිසක් විය හැකියි.)

දරුවාගේ මවුපියන් චූඩාමනී හන්ස්දා සහ බබ්ලු මහරණ වන් අතර ආරංචි මාර්ගවලට අනුව, සුදාමනීට ප්‍රසව වේදනා ඇති වූ පසු රෝගියා ගිලන් රථයකින් පැන්ග්‍රිබෝසි රෝහලට ගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය රෝහලට යාමට පෙර ගිලන් රථය තුළ තම දරුවා බිහි කළ අතර නමුත් දරුවා ඉපදී ඉක්මනින්ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .

මව වන සුදාමනී පැන්ග්‍රිබෝසි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

වීඩියෝව මෙතනින් බලන්න..

More from GossipMore posts in Gossip »