Press "Enter" to skip to content

හෙට්ටිවීදියේ රත්තරං කරණම් ගහයි.. මෙන්න අලුත්ම මිල ගණන්..

දේශීය වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී සිදුව ඇති බව වාර්තා වේ.

මේ අනුව අද පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 143,500 ක් දක්වා පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 153,500 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව අද දිනය තුළ දී කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 11,000 කින් අඩු වී ඇත.

මීට අමතරව හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, කැරට් 24 රන් පවුමක මිල ද අද දිනය තුළ දී රු. 166,000 සිට රු. 155,000 ක් දක්වා රු. 11,000 කින් අඩු වී ඇති බවයි.