Press "Enter" to skip to content

දුම්රිය වැසිකිළියක මල් කැකුළක් දමා ගිහින්

කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි

නිල් පැහැති ප්ලාස්ටික් කූඩයක බහා බිලිදා වැසිකිළිය තුළ තබා ගොස් තිබිණ යැය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

වැසිකිළියට ගිය මගියකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගෙන පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය

මෙම දරුවා මාස එක හමාරක වයසේ පමණ පසුවන බව පෙනී යන්නේ යැයි එම නිලධාරියා කීය

පොලිස් භාරයට ගත් මෙම බිලින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි

මෙම බිලිදාවැසිකිළිය තුළ තබා ගිය අය ගැනසොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති සී සී ටීවී කැමරා පරික්ෂා කර ගෙන යන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය

කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

More from GossipMore posts in Gossip »