දැරියකට අතවර කිරීමේ චෝදනාවක් මත බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල් පතිවරයෙකු (05)අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.
වඩේ මිලදී ගෙන දෙන්නම් යැයි පවසා පාළු නිවසකට රැගෙන ගොස් 11 හැවිරිදි සිසුවිය මෙලෙස අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම විදුහල්පතිවරයා පෙර රාජකාරි කළ පාසලේද ළමයින්ට ලිංගික හිංසන කළැයි කියන සිදුවීම් 4 කට විමර්ශන බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ආරම්භ කර තිබෙි.
දැරිය පරික්ෂණයක් සදහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙි.
සිද්ධිය සමිබදයෙන් බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.






