Press "Enter" to skip to content

සුනාමි අනතුරු ඇඟවීමක් පෙරහුරුවක්.. ජනතාවටත් දැනුම්දීමක්..

සුනාමි ආපදා පෙර සුදානම් පෙරහුරු වැඩසටහනක් අද දිනයේ ද දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍රියාත්මක වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙන්නේ එබැවින් අද දිනයේ සුනාමි ආපදා තත්ත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ලැබුණහොත් එහි සත්‍ය අසත්‍යතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසන ලෙසයි.

ආපදා පුර්ව අනතුරු ඇගවීමක් පිළබඳව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සඳහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුමාර කාශ්‍යප විද්‍යාලය යන පාසල් සඳහා අද දිනයේ සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

More from GossipMore posts in Gossip »