Press "Enter" to skip to content

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට කොස්තාපල්වරයෙක් කරපු අසික්කිත වැඩේ.. ජංගම දුරකථනයත්…

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොස්තාල්වරයා ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇත.

එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියේ ආධුනික කොස්තාපල්වරිය සමග ඔහු බහින්බස් වී ඇත.

පසුව ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකතනය ද පැහැරගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව කොස්තාපල්වරයාව පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කර ඇත.

More from GossipMore posts in Gossip »