Press "Enter" to skip to content

අවුරුදු 21 තරුණ අම්මාව ඝාතනය කරයි.. එකම දරුවා තනිවෙයි.. ඥාති සහෝදරයෙක් කරපු කෲර ඝාතනය..

රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දි මවකට සහ දියණියකට ඥාතියකු විසින් එල්ල කළ පිහි පහරකින් දියණිය මියගොස් මව බරපතල තුවාල ලබා ඊයේ (26) රාත්‍රි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

ප්‍රේමසම්බන්දතාවයක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදු තිබේ.

එහිදි ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් මෙම පිහි ඇනුම වි ඇති බව පොලිසිය පවසයි.

පිහි ඇනුමට ලක්විමෙන් ඝාතනය වි ඇත්තේ බාදුරාකඩ ශරමිලා ලක්ෂානි (21) නැමති රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි එක් දරුමවකි.

ඇයට අවුරුදු දෙකක දරුවෙකු සිටින බව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු මව 42 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි. සැකකාර පුද්ගලයා රත්ගම ප්‍රාදේශිය සභාවේ සේවය කරණ 55 හැවිරිදිවියේ පසුවන සුළු සේවකයෙකි.ඔහු මිය ගිය කාන්තාවගේ ඥාතී සීයා කෙනෙකුද වන බව පොලීසිය කියයි.

සැකකරුගේ 17 හැවිරිදි පුත්‍රයා ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියාගේ නැගණිය සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදුකරණු ලැබු විමර්ශන වලදි අනාවරණය වි ඇත.

ප්‍රේම සම්බන්දතාවය සම්බන්දයෙන් කියනු ලැබු කේලමක් ඇසිම සදහා සැකකරු මෙකි නිවසට ගොස් ඇතිබව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

එහිදි ඇතිවු ගැටුමක් දුරදිගගොස් සැකකරු විසින් මවට හා දියණියට පිහියකින් ඇන ඇත.

More from GossipMore posts in Gossip »