Press "Enter" to skip to content

සැප දෙනවා නම් හොදට දීපං නැත්නම් ඔක වහපං… පොලිස් කොස්තාපල් කුණුහරුප කියා දෙවනත් කරයි… කොල්ලුපිටිය පොලිසියේ පත්තුවෙයි

කොල්ලුපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් රුපියල් පන්දහසක් වැය කළ තමන්ට සාධාරණ සේවයක් නොලැබුණු බවට පැමිණිලි කිරීමට පැමිණ පොලිසිය තුළ පරුෂ වචනයෙන් කෑ ගසමින් අසංවරශීලිව හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් කුලසිගන් (90530) නමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට ගොස් සේවාවක් බලාපොරොත්තුවෙන් එහි කාන්තාවකට රුපියල් 5000 මුදලක් ගෙවා තිබේ.

එහිදී ඔහු බලාපොරොත්තු සහ පොරොන්දු වූ පරිදි එම කාන්තාවගෙන් සේවාවක් ලැබී නොමැත.

පසුව ඒ බව පැමිණිලි කිරීමට මෙම කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණ ඇත.

එහිදී පොලිසියේ උප සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියාට උස් හඬින් අමතමින් “මේ පැමිණිල්ල භාර ගත්තේ නැත්නම් මම උසස් නිලධාරීන්ට පැමිණිලි කරනවා, එසේ නොකරන්නේ නම් මේ පොලිසියෙන් ඇති ඉඩක් නෑ.

නපුංසක පොලිස් උඹල මට ගැහුවා කියල මම රෝහල්ගත වෙනවා.

නැත්තම් මගේ පැමිණිල්ල ලියා ගනිල්ලා” යනුවෙන් කෑගසමින් දමිළ භාෂාවෙන් පරුෂ වචන කියමින් චෝදනාගාරය තුළ කලහකාරී ලෙස හැසිර තිබේ.

එම අවස්ථාවේදී කාර්ය භාර නිලධාරී පොලිස් සැරයන්වරයෙකු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මත් ගතියෙන් සිටි බව අනාවරණය වී ඇති අතර පසුව පොලිසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

-අරුණ

More from GossipMore posts in Gossip »