Press "Enter" to skip to content

දැවැන්ත විදුලි අර්බුදයක් ළඟ ළඟම.. විදුලි බලාගාරයක් වසා දමන්න වෙයි..

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය මත ඉදිරි කාලයේ දී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම පිලිබඳවත් මේ වන විට ගැටලුවක් නිර්මාණය වී ඇතැයි ද එම සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා සඳහන් කළේය.

පසුගිය වසරක කාලය තුළ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 72ක් රට හැර ගොස් තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් විසි දෙදෙනකුම නොරොච්චෝල බලාගාරයේ සේවය කළ අය බවත් ඔහු සඳහන් කරයි.

නොරොච්චෝල බලාගාරය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා ඉංජිනේරුවන් 123ක් සේවය කළ යුතු නමුත් අද වන විට සේවය කරමින් ඇත්තේ සීයක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ඉංජිනේරු හිගය මත ඉදිරියේදී බලාගාරය නවතා දැමීමට පවා සිදුවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි අර්බුදය බරපතළ තත්ත්වයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

More from GossipMore posts in Gossip »