Press "Enter" to skip to content

මහ රෑ ගෙදරට පැනලා කාන්තවකගේ ඇස්වලට මිරිස් ගහලා කරපු අපරාධයක්.. කාන්තාවට ‌‌හොඳටම අමාරුයි…

බොරලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා 22 වෙනිදා රාත්‍රී කාලයේ කඩා වැදී එම නිවසේ සිටි හැත්තැ දෙහැවිරිදි කාන්තාවකගේ ඇස් වල මිරිස් කුඩු තවරා ගෙල සිර කර රුපියල් 348,000 වටිනා රන් මාලය කඩා ගත් බව කියන කාන්තාවක් බෝගහකුඹුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.

හැත්තෑ දෙහැවිරිදි කාන්තාව පෙරේදා රාත්‍රියේ මුළුතැන්ගෙය තුළ ආහාර ඉර කරමින් සිටියදී එක්වරම පිටුපසින් පැමිණි සැගේ ඇස් වල මිරිස් කුඩු තවරා ඇය ගෙල බැඳ සිටි මාලය කඩා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අවස්ථාවේ කඩා ගත් රන් මාලයසැකකාරිය අතින් ගිලිහී ගොස් පිඟන් රාක්කයේ රැඳී ඇතැයි පොලිසිය කියයි
පසුව සැකකාරිය පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

පිඟන් රාක්කයේ රැඳී තිබූ මාලය පසුව සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
ඇස් වල මිරිස්කුඩු තැවරීම නිසා සහ ගෙල මිරිකීම නිසා කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබූ බවද පොලිසිය සඳහන් කරයි.

ලංකාදීප

More from GossipMore posts in Gossip »