Press "Enter" to skip to content

තවත් රෙදි ව්‍යාපාරිකයෙක් නිදි යහනේදීම මියයයි.. පමුණුවම කම්පාවට පත්වෙයි.. පොලීසිය පරීක්ෂණ අරඹයි..

මහරගම පමුණුව රෙදි වෙළෙඳාමේ යෙදී සිටි ව්‍යාපාරිකයකු, නිවසට පැමිණ නිදා සිටියදී ඊයේ (22 දා) අලුයම නිදි යහනේම මියගොස් ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, කලල්ගොඩ, අංක 54/7 දරන ලිපිනයේ පදිංචිව සිටි පිනිදිය පතිරගේ නිරෝෂ ලක්මාල් පෙරේරා නමැති 47 හැවිරිදි තිදරු පියෙකි. මියගිය අය පෙර දින (21 දා) අලුයම 2.30 ට පමණ ව්‍යාපාර කටයුතු සඳහා නිවසින් පිටව ගොස් පසුදා (22 දා) අලුයම නිවසට පැමිණ සිටියදී මෙසේ මියගොස් තිබේ.

නිවැසියන් විසින් නිදි යහනේ සිටි අය අවදි කිරීමට උත්සහ කළත්, අවදි නොවීම නිසා 1990 ගිලන් රථ සේවාව කැඳවා ඇති අතර එසේ පැමිණි එම සේවා නිලධාරීන් අදාළ රෝගියා මියගොස් ඇති බව සඳහන් කර නික්ම ගොස් තිබේ.

ඒ අනුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්‍ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්‍ෂණයක් පවත්වා, දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා අයි ඩී එච් රෝහල වෙත යොමු කරන ලෙසට නියෝග කළාය.

තලංගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පො.කො. (71244) අඹගස්පිටිය මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

දිවයින

More from GossipMore posts in Gossip »