Press "Enter" to skip to content

බාල පෙට්‍ර්ල් ගැන දැනුම්දීමක්.. ඔක්ටේන් අගය 80යි.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

ප්‍රමිතියෙන් තොර පෙට්ටල් මෙට‍්‍රික් ටොන් දහසක් පමණ තෙල් සංස්ථාව තුළ මේ වන විට ගොඩගැසී ඇතැයි තෙල් වරාය විදුලි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

බොරතෙල් පිරිපහදු කිරීමේ දී නියම ප්‍රමිතියෙන් බාල පෙට්රල් නිෂ්පාදනය වී නැතැයි එහි එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා නැවත විවෘත කළ මුල් අවස්ථාවේදී නිෂ්පාදනය වී ඇත්තේ මෙසේ ඔක්ටේන් අගය නියමිත ප්‍රමාණයෙන් නොමැති පෙට්රල් බවද ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය කාලයේ දී ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීම නිසාද බාල පෙට්ටල් තොග විශාල වශයෙන් නිෂ්පාදනය වී තිබෙන බවත් මෙම පෙට්‍රල් තොග වල ඔක්ටේන් අගය 80ත්-90ත් අතර ප්‍රමාණයක පවතින බවටත් හෙතෙම කියා සිටී.

More from GossipMore posts in Gossip »