Press "Enter" to skip to content

පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි

අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට ගෙල ප්රේදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යැවු පෞද්ගලික විශ්ව විද්යාේලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රෙද්ශයේ පදිංචිව 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්රමදේශයේ පෞද්ගලික විශ්ව විද්යාශලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්වවිද්යාඇලය කරා යාමට පහසු වන පරිදි මියගිය සිසුවාගේ පියා සිසුවාව පන්නිපිටිය ප්රෙවද්ශයේ මිතුරකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇති අතර මෙම සිද්ධිය වී ඇත්තේ එම නිවසේ කාමරයකදී බව පොලිසිය කියයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ගෙන ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්රි යාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »