Press "Enter" to skip to content

මුහුණුපොතෙන් හමුවූ අනියම් ප්‍රේමයට, තම දියණියව බිලි දුන් අම්මෙක්

මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනා ගෙන ඇසුරු කරන්නට පටන් ගෙන තිබේ.

මෙම පුද්ගලයන් අතර එක් පුද්ගලයෙකු සිය අනියම් සැමියා ලෙස යොදා ගෙන තිබේ.

ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණෙමින් ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ.

මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට අනියම් සැමියා පෙළඹි ඇති අතර ඒ සඳහා දැරියගේ මව වන අනියම් බිරිඳ සිය අනියම් සැමියාට අනුබල දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැරිය සිය නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලිසිය වෙත පැමිණිලි කැරනු ලැබ තිබේ.

ලංකාදීප

More from GossipMore posts in Gossip »