රට ගොස් පැමිණි ස්වාමු පුරුෂයා කරන අමුතු ලිංගික යෝජනාව වලට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඔහු සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඔහුගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි බිරිඳ පිළිබඳව තොරතුරක් නොච්චියාගම පොලීසියෙන් දැනගැනීමට ලැබෙයි.
තරමක් දුරට තරුණ වියේ පසුවූ මේ කාන්තාව විවිධ පැමිණිලි අංශයේ නිලධාරිනියක් වෙතට යොමු කෙරිණි.
“මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ ?”නිලධාරිනිය විමසීය. “මට මගේ මහත්තයා එක්ක ඉන්න බෑ” ඔහු පිළිතුරු දුන්නේය.
“ඒකට හේතුව” නිලධාරිනිය යළි ඇසීය. “මහත්තයා මගෙත් එක්ක රණ්ඩු කරනවා” ඇය කීය.
‘ඒකට හේතුවක් ඇති නේ’ නිලධාරිනිය ඇසීය.
“හේතුව මේකයි එයා රට ගිහිල්ලා ආවා. මං එයා ළඟට යනකොට එයා නරක කතාවක් කියනවා. මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා. මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. එයා මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. අඅනේ මං දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? ලැජ්ජයි මිස්”යි කියමින් ඇය ඇඹරෙන්නට විය.
“මේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” පොලිස් කාන්තාව ප්‍රයෝගයක් අනුගමනය කළේය.
“ඒක මහ අමුතු සෙල්ලමක්”කී තරුණ කාන්තාව රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය.
“ම් … ඒකත් එහෙමද?. ඔයාගේ මනුස්සයාට වයස අවුරුදු හතළිහක් විතර වෙනවා කීවා නේද? මං නිකමට වාගේ යෝජනාවක් කරන්නම්. අද හුගක් අය ඔය එක එක වනචර වීඩියේා බලලා තමයි ඔවා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. තමන්ගේ මනුස්සයා පිට යන්නේ නැත්නම් මොකටද අප්‍රිය වෙන්නේ ඒ දේවල් කරන්න. මගේ මනුස්සයා කියලා වෙනසකුත් නෑ. ඔවට රට යන්නම ඔනේ නෑ. අද ඉන්න හැම පිරිමියාම ඔහොම තමයි.” නිලධාරිනිය විහිළුවට මෙන් කීය.
“අනේ මට ඕක කරන්ඩ බෑ. එව්ව ඕන නෑ. මට ඔනේ අඩුම ගානේ එයාව ගෙන්වලා හොදට බය කරලා ඔය අනම් මනම් කරලා මට කරදර කරන්න එපා කියලා පොලීසියට කියලා කියව ගන්න. එච්චරයි. ඒක බැරි නම් මම මැරෙනවා ඊට වැඩිය හොදයි” තරුණ කාන්තාව ඉල්ලා සිටියේය.
“හා…හා… කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමුන්ගේ ස්වාමිපුරුෂයාටට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔය නරක පුරුදු අයින් කර ගනීවි” යි කියා නිලධාරිනිය කියන විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතුවුණේය.
උපුටා ගැනීමකි






