Press "Enter" to skip to content

තම බිරිඳ මරා හෝටලේ ශීතකරණයට දාලා

වෙනත් කාන්තාවක් සමඟ විවාහ වීමේ අරමුණ ඇතිව සිය නීත්‍යානුකූල බිරිඳව මෝටර් රථයක් තුළ දී ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි නිකී යාදෙව් නැමැති කාන්තාව පසුගිය 10 වනදා සිය සැමියා විසින් කේබලයකින් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනාවරණය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකාර සැමියා විසින් මෝටර් රථයක් තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු සිය බිරිඳගේ මළ සිරුර ඔහුගේ දෙමාපියන්ගේ නිවස ආසන්නයේ පිහිටි ඔහුගේ පවුලට අයත් ආපනශාලාවක ශීතකරණයක සඟවා තැබීමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අදාල දර්ශන මෙතනින්

සහිල් නැමැති සැකකාර සැමියා සිය පවුලේ අය සමඟ 2022 දෙසැම්බර් මාසයේ දී නීත්‍යානුකූල බිරිඳ නිකීට හොර රහසේ වෙනත් කාන්තාවක් සමඟ ඔහුගේ විවාහය තීරණය කර ඇති බව සඳහන්.

නිකී ඒ, පිළිබඳව දැනගත් පසු දෙදෙනා අතර වරින් වර ගැටුම් ඇතිව ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ. එලෙස ඇති වූ ගැටුමක දී සැකකාර සැමියා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයට අනුබලදීමේ චෝදනාව සම්බධයෙන් අදාළ පුද්ගලයාගේ පියා ඇතුළු පස්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

More from GossipMore posts in Gossip »