මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවන් අදහසකි.
“හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිමා දමන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඔබේ විදුලි පහන් නිවා දමන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු.”
මේ අතර වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් ඊයේත් ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වුණි.
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සංවිධානය කළ විරෝධතාවක් පුත්තලම වාන මංසන්ධියේ දී ඊයේ රාත්‍රී පැවැත්වුණි.






