යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරිය පසුගිය 15 දා තවත් ජීවිත ගණනක් වෙනුවෙන් තම ශරීර අවයව දන් දී මෙලොවින් සමු ගත්තාය.
මෙසේ දිවියෙන් සමු ගත්තේ නිසලී ලෝසඳී කිරිවැන්දල නමැති පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් දැරියකි.
පසුගිය 03 දා අමතර පන්තියකට සහභාගි වී මිතුරකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගොඩ පාදුක්ක මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඇය මේ අනතුරට මුහුණ පෑවාය.
තම දියණියගේ හදවත, වකුගඩු, පෙණහලු, ඇටමිදුළු, ඇස් ඇතුළු ශරීර අවයව කොටස් අටක් තවත් ජීවිත ගණනක් වෙනුවෙන් දන් දුන් බව මව ප්‍රියදර්ශනී අමරසේකර මහත්මිය හා පියා දිනේෂ් හේමන්ත කිරිවැන්දල මහතා පැවසූහ.
දිනමිණ






