Press "Enter" to skip to content

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට පාඩමක් උගන්වන්න, BMW රථයක් කුඩුපට්ටම් කළ ක්‍රිකට් රසිකයින්

ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක Prithvi Shaw මුම්බායි හිදී රසිකයින් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ගමන් ගත් මෝටර් රථය රසිකයින් විසින්ම විනාශ කර තිබෙනවා.

තරු පහේ හෝටලයක් වන මුම්බායි හි සුපිරි හෝටලයක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ.

ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරුණ ක්‍රීඩකයා වෙත පැමිණ සෙල්ෆි ඡායාරූපයක් ඉල්ලා සිට ඇති අතර, ඔහු ඒ සඳහා පෙනී සිට තිබෙනවා.

අනතුරුව තවත් කණ්ඩායමක් එකවරම පැමිණ ඇති අතර, Prithvi Shaw නැඟිට, කාරුණිකව එය ප්‍රතික්ෂේප කරමින්, රාත්‍රී ආහාරය ගැනීමට හෝටලයට පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව හෝටල් කළමණාකරුද මැදිහත් ව පිරිසට හෝටල් පරිශ්‍රයෙන් ඉවතට යන ලෙස අවවාද කොට ඇති බව සඳහන්.

නමුත් මෙයින් කෝපයට පත් රසිකයින් ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ඔහුගේ මිතුරන්ට පහර දීමේ අරමුණින් මෝටර් රථය ලුහුබැඳ ඇත්තේ බේස්බෝල් පිත්තක් ද රැගෙන යි.

ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළේ සිටිනවා ඇති යැයි අනුමාන කළ මේ පිරිස BMW රථය නවතා බේස්බෝල් පිත්තෙන් පිටුපස සහ ඉදිරිපස ජනේල කඩා බිඳ දමා තිබෙනවා.

Prithvi Shawගේ මිතුරා මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බවත් සඳහන්.

More from GossipMore posts in Gossip »