Press "Enter" to skip to content

භූමි තෙල් හැර අනෙක් ඉන්ධන සම්බන්ධයෙන් විශේෂ ආරංචියක්.. බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවිඩයක්..

2023 පෙබරවාරි 18 වන දා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම වාර්තාව නිකුත් කරනු ලැබ ඇත.

එම වාර්තාව අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.21 ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3.25ක ලාභයක් ද සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක පාඩුවක් ද සිදු වී තිබේ.

ඉහළ ම ලාභයක් උපයා ඇත්තේ, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලින් වන අතර එය රුපියල් 109.44ක් ලෙස සටහන් වී ඇත.

එම වාර්තාව පහතින් දැක්වේ.

More from GossipMore posts in Gossip »