Press "Enter" to skip to content

දිගම දිය යට හාදුවට වාර්තාවක් තබා වැලන්ටයින් සමරයි

විනාඩි 5 Kiss එක මෙතනින්

ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාව තබමින් වැලන්ටයින් දිනය සැමරීමට විවාහ ගිවිසගෙන සිටින පෙම්වතුන් යුවළක් සමත් වී ඇත.

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් මෙම වාර්තාව තබා ඇත්තේ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදීය. ඔවුන්ගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයක් විය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් දිගැති හාදුවකි. ඒ, මීට වසර 13කට පෙරාතුවය.

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුනට වයස අවුරුදු එක හමාරක දියණියක්ද සිටියි. ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන් වේ.

More from GossipMore posts in Gossip »