Press "Enter" to skip to content

යළි රටපුරා ඉන්ධන අර්බුදයක්.. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් අනතුරු හැඟවීමක්..

තොග මිලට ඉන්ධන ගැනීමට බෙදුම්කරුවන් මුදල් තැන්පත් කරන ගිණුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 15 වැනිදා සිට අහෝසිකර ඇති බැවින් මින් ඉදිරියට ඉන්ධන තොග මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.

ඊට හේතු විමසුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපැවසූ බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් 15 වැනිදාරට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම අඩපණ වූ අතර, ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබිණි.

මෙම ගිණුම් යථා තත්ත්වයට පත්කරන තුරු රට පුරා ඉන්ධන අර්බුදයක් ඇතිවන බව එම සංගමය පෙන්වා දුන්නේය. ඛනිජ තෙල් සංස්ථාවේ සියලුම ප්‍රාදේශීය ආයතනවලින් පවා බෙදුම්කරුවන්ට දන්වා ඇත්තේ අදාළ බැංකුව සමග මින් ඉදිරියට ගනුදෙනු කිරීමට නොහැකි බවත් එම බැංකු ගිණුම් අහෝසි කර අවසන් බවත් ය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මෙම රාජ්‍ය බැංකුවේ සභාපතට සහ ඛනිජ තෙල් සංස්‌ථාවේ පාලන අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් බෙදුම්කරුවන්ට සාධනීය විසඳුමක් ඉතාමත් ඉක්මනින් අවශ්‍ය බවත් පෙර කී ප්‍රකාශයා පැවසුවේය.

More from GossipMore posts in Gossip »