බොරලැස්ගමුව, වැව පාර දෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් අලුයම වටලා සුරූපිණියන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
තිරුක්කෝවිල්, ගිරිඋල්ල, හාලිඇළ සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචි වයස 24 ත් 40 ත් අතර පසුවන කාන්තාවක් අගනුවරට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙමින් නිවෙස්වලට මුදල් යවා ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා වෙත ලද තොරතුරකට අනුව සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම වැටලීම කර තිබේ. රු. පන්දහසක මුදලක් සහිතව පොලිස් උපාය දූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම කළ බව පොලිසිය පැවැසීය.
මෙම නිවෙස ඉදිරිපිට “ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය” යනුවෙන් දැන්වීම් පුවරුවක් සවිකර තිබුණත් ආයුර්වේද වෛද්‍යවරයෙක් නොසිටි අතර නීතිමය ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට කළමනාකාරීත්වය අසමත් වූ බව පොලිසිය සඳහන් කළේය.
රු. පන්දහසේ සිට විසි දහස දක්වා මිල ගණන්වලට කාන්තාවක් අලෙවි වී ඇති මෙම ස්ථානයට ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් පැමිණෙනු ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
දිවයින






