Press "Enter" to skip to content

පිරිමින්ගේ සතුට දෙගුණ තෙගුණ වෙන හැඩයි.. අලුත්ම උපත් පාලන ක්‍රමයක් එයි.. පැය 3ක් හොදටම ෂුවර්ලු..

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද ලෝකයට හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා.

පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි.

මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රියව ඵලදායි ලෙස පවතින බවයි නව අධ්‍යයනයවලින් හඳුනා ගෙන ඇත්තේ.

ඉදිරියේදී තවදුරටත් අත්හදා බැලීම් කිහිපයකින් පසු ජනතාව වෙත මෙම නව ඖෂධය හඳුන්වාදීමට නියමිතයි. කෙසේවෙතත් මෙම නව ඖෂධ ක්‍රමය මගින් ලිංගාශ්‍රිත රෝග සඳහා කිසිදු ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ.

(උපුටාගැනීමක්)

More from GossipMore posts in Gossip »