Press "Enter" to skip to content

පිකස් එකකින් පහරදී කත ඝාතනය කරයි.. දුවයි අම්මයි තනිව ඉන්න විට ඇවිත් තියෙන්නේ.. නිවසට නිතර නිතර ඇවිත් ගිහින්…

යාපනයේ, අත්තියාඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවක් කිසියම් පුද්ගලයකු විසින් එල්ල කරන ලද පිකස් ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුබ්‍රමනියම් කලානිධි නමැති කාන්තාවකි. මියගිය කාන්තාව සිය දියණිය හා දියණියගේ කුඩා දියණියක් සමග එක් නිවසක ජීවත් වන අතර දියණියගේ ස්වාමි පුරුෂයා ඇයව අත්හැර ගොස් තිබේ.

මෙම නිවසට නිතර යන එන පුද්ගලයකු නිසා මෙම මවත් දියණියත් අතර අවස්ථා ගණනකදීම බහින් බස්වීම් සිදුව ඇති අතර කාන්තාව මරා දැමීම සඳහා එම සිද්ධීන් ඉවහල් වන්නට ඇතැයි පොලිසිය සැකකරයි. නිවසට නිතර නිතර ආ ගිය පුද්ගලයාව සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ඔහු නිවසින් පලා ගොස් ඇති නිසා ඔහුව සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

දිවයින

More from GossipMore posts in Gossip »