Press "Enter" to skip to content

වැලන්ටයින් දින පෙම්වතියට චොකලට් දීලා මිතුරන් සමග දූෂණය කරලා.. චොකලට්වල මත්ද්‍රව්‍ය.. තරුණිය සිහි මුර්ජාවෙලා

වැලැන්ටයින් දිනය සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය – පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.

14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කොට ඇතැයි අප වාර්තාකරු වාර්තා කරන්නේ.

දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන් ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනා ද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

හිරු

More from GossipMore posts in Gossip »