බුත්තල දිසා රෝහලේ ඉඩම හෙළිපෙහෙළි කරමින් සිටි සේවකයෙකුට ඊයේ (පෙබ. 14) වන දා අත්බෝම්බයක් හමු වී ඇතැයි බුත්තල පොලිසිය පවසයි.
අදාළ සේවකයා රෝහල් ඉඩම සුද්ද කර වැට සකස් කරමින් සිටියදී නිල් පැහැති බෝතලයක තිබී මෙම අත්බෝම්බය හමු වී ඇත.
සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් බෝම්බය නිෂ්ක්රිය කිරීමට කටයුතු යොදා ඇත.
බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මව්බිම






