Press "Enter" to skip to content

වැලන්ටයින් සමරන්න පෙම්වතා ලංගම බස් රථයෙන් තනිවම පෙම්වතිය බලන්න ගිහින්.. කරුමෙටම මහ රෑ සිද්ද වෙච්චදෙයින් සියල්ල මාට්ටු..

රියදුරු නවතා ගිය බසය රැගෙන කොන්දොස්තර පෙම්වතිය බලන්න ගිහින්… රෑ අනතුරකුත් වෙලා..

රඹුක්කන හතරලියද්ද මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් එම බස් රථය හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී කාලයේ නවතා තබා ඇත්තේ පසුදින පාන්දර 5.30ට නැවත රඹුක්කන බලා ගමන් ආරම්භ කිරීම වෙනුවෙනි.

බස් රථය නවතා එහි රියැදුරු නිවෙස බලා ගියත් කොන්දොස්තරවරයා දුරබැහැර පුද්ගලයෙකු වූ බැවින් ඔහු බස් රථයේම නිදා ගෙන ඇතැයි පොලීසිය කියයි.

කොන්දොස්තරවරයා බස් රථය පණගන්වාගෙන කිලෝමීටර් අටක් පමණ දුරකින් පිහිටි කැබැල්ලවත්ත නමැති ප්‍රදේශයට එදින රාත්‍රියේම ගොස් ආපසු එමින් සිටියදී බස් රථය අනතුරකට පත්වුවත් එය නොදන්වා ඔහු බස් රථය තිබූ ස්ථානයේම නැවත ගාල් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු වරද පිළිගෙන බස් රථය පණ ගන්වාගෙන කැබැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ ගොස් ආපසු පැමිණි බව පවසා ඇත.

ලංකාදීප

More from GossipMore posts in Gossip »