මේ දිනවල පාරිභෝගිකයන් ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල්වලට පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසනවා.
ඉන්ධන මිල වරින් වර ඉහළ යාම මෙන්ම ඉන්ධන මිලදීගැනීමට වඩා ප්‍රමුඛතාවය දිය යුතු වෙනත් අවශ්‍යතා මේ වන විට පාරිභෝගිකයන්ට ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.
ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි ලැබුණද, මීට පෙර දිනක් ඇතුළත පෙට්‍රල් සහ ඩීසල් තොග අවසන් වු නමුත්, දැන් එම තොග අවසන්වීමට දින දෙකක් පමණ ගතවන බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කළහ.
තවද, කිව්.ආර්. ක්‍රමවේදයට අනුව සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමට පවා පාරිභෝගිකයන් වැඩි උනන්දුවක් නොදක්වන බවද ඔවුහු පැවසූහ.






