Press "Enter" to skip to content

තැපැල් ඡන්දය කල් යයි.. මැතිවරණ කොමිසම හදිසියේම ගත් තීරණය… හේතුව මෙන්න…

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම යි මෙසේ කල් යැවෙන බව වාර්තා වන්නේ.

මේ අතර, මැතිවරණ පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙස්සම විභාගයට ගැනීම එළැඹෙන 23 වැනි දාට නියම වී තිබුණත් මෝසමක් මාර්ගයෙන් පෙස්සම්කාර පාර්ශවය ඉල්ලා සිටියේ, තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබූ දිනයට පෙර පෙස්සම් විභාගය කැඳවන ලෙස යි.

කෙසේ වෙතත් මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිත ව ඇති පළාත් පාලන මැතිවරණය පවත්වනවා ද නො පවත්වනවා ද පිළිබඳ තීරණයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් ගෙන නෑ.

More from GossipMore posts in Gossip »