මේ දිනවල විවිධ සමාජ ජාලා හරහා ටොයොටා වෙළඳ නාමය භාවිත කරමින් නොමිලේ ටොයොටා රථ, මිල මුදල් ඇතුළු අනෙකුත් වටිනා දීමනා ලබා දෙන බව පවසා පවත්වන තරඟ ටොයොටා ලංකා සමාගමේ හෝ ටොයොටා මවු සමාගමේ කිසිදු අනුදැනුමක් නොමැතිව බලය නොලත් ආයතන / පුද්ගලයින් විසින් සිදු කරන වංචා සහගත කටයුතු බව ටොයොටා ලංකා සමාගම දැනුම් දී සිටී.
මෙවැනි බලය නොලත් ආයතන / පුද්ගලයින් විසින් සිදු කරන තරඟ වෙනුවෙන් ඔබ සිදුකරන මූල්‍යමය ගනුදෙනුවලට ටොයොටා ලංකා සමාගම හෝ ටොයොටා මවු සමාගම කිසිදු ආකාරයකින් වගකියනු නොලබන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩි විස්තර සදහා 0112939000 අමතන්න.







