අදට යෙදී ඇති පෙම්වතුන්ගේ දිනයේ රතු රෝස මලට සුවිශේෂී තැනක් හිමි වුවද මේ වන විට වෙළෙදපළේ රතු රෝස මලක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති.
ඒ අනුව මෙවර පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සාමාන්‍ය ප්‍රමාණයේ ස්වාභාවික රතු රෝස මලක් රුපියල් එක්දාස් දෙසීයකට පමණ ලෙවි වන අතර කෘතිම රතු රෝස මලක් රුපියල් පන්සියයේ සිට අලෙවි වේ.
කොවිඩ් වසංගතයත් සමග පසුගිය වසරේ මෙම මිල ගණන් යම් තරමින් ඉහළ යාමකට ලක්වුවද මෙම වසරේ අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට සාපේක්ෂව මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
සෑම වසරකදීම පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරිකයන් විසින් රතු රෝස මල් සහ සැරසිලි විදේශ රටවලින් ආනයනය කරන නමුත් මෙම වසරේ අලුතින් ආනයන කරන ලද සැරසිලි වෙනුවට පසුගිය වසරේ ඉතිරිවී තිබූ සැරසිලි මිල ඉහළ දමා අලෙවි කරන බව වෙළෙඳපළ ආරංචි මාර්ග පැවසීය
අරුණ






