Press "Enter" to skip to content

ප්‍රංශයේ ඉදන් මරණය හොයාගෙන ලංකාවට ආපු තරුණයා.. බිරිඳ දරු ප්‍රසූතියට රෝහල්ගත කරපු වෙලාවේ සිදුවූ ඛේදවාචකය.. ගමම මළගමක් වෙයි..

දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කළ තම බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට යාපනයට පැමිණි ස්වාමිපුරුෂයෙකු රෝහලේ සිට නිවසට පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව 30 දා මියගොස් තිබේ.

ෂන්මුගම් ප්‍රකාෂ් නමැති මොහු මීට වසර එකහමාරකට ඉහතදී විවාහ වී ඇති අතර බිරිඳ ප්‍රංශයට ගෙන්වා ගන්නාතුරු ඔහු ප්‍රංශයේ පදිංචිව සිට ඇත.

දරු ප්‍රසූතිය සඳහා බිරිඳ රෝහල් ගත කොට ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු යාපනයට පැමිණ චාවකච්චේරී රෝහලේ සිටි බිරිඳ බලා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීමෙන් ඔහු මරුමුවට පත්ව තිබේ.

අනතුරට පත් වූ අනෙක් යතුරුපැදිය පැද වූ තැනැත්තාද බරපතළ තුවාල ලබා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිවයින

More from GossipMore posts in Gossip »