අහංගම බැරිහේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අහංගම පොලීසිය පවසයි.
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කාන්තාවගේ සිරුර සම්බානය කරන අවස්ථාවේ ඇයට ලිංගික අපයෝජනයක් ද කර ඇතැයි පොලීසිය සදහන් කරයි.
අහංගම පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.






