Press "Enter" to skip to content

හේයි හේයි වට්ආර්යු ඩුයිං… හේල්ප් හේල්ප්… සම්බාහනයක් කරගන්න ආ බ්‍රිතාන්‍ය තරුණිය ලංකාවේ තෙරපිවරයා ලිංගික අපයෝජනයකුත් කරලා.. දකුණේ ස්පා වලට යන්නේ බලාගෙනයි..

අහංගම බැරිහේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අහංගම පොලීසිය පවසයි.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

කාන්තාවගේ සිරුර සම්බානය කරන අවස්ථාවේ ඇයට ලිංගික අපයෝජනයක් ද කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

අහංගම පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »