Press "Enter" to skip to content

කාන්තාවක් එක්ක ලැඟුම්හලේ සිටි සෞඛ්‍ය සේවකයා මරුට.. අම්බලන්ගොඩ පොලීසිය කාමරයට යන විට නිරුවත් සිරුරක්.. ශක්තිය වැඩිකරගන්න පෙති ගැහුවාද..

අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු අද (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මියගොස් සිටියේ පනස් අට හැවිරිදි රත්ගම පදිංචි බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සහයකයෙකි.

මිය ගිය තැනැත්තා හික්කඩුව පදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් සමග මේ නිවාඩු නිකේතනයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අභිරහස් අයුරින් මියගොස් තිබූ බවද පොලීසිය කියයි.

ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී නිරුවත්ව සිටි බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »