Press "Enter" to skip to content

කොළඹ පාසලක ගුරුවරයෙක් හොදට බීලා ඇවිත් ඉස්කෝලේ යකා නටලා.. අහිංසක සිසුවෙක්ට කණපැලෙන්න ගහලා.. සිසුවා අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගත කරලා..

කොළඹ ප්‍රදේශයේ පාසලක පැවති පිරිත් පින්කමක දී එහි ගුරුවරයකු බීමතින් උසස්පෙළ සිසුවකුට පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

පිරිත් පිංකම පැවතෙද්දී අලුයම දෙකයි තිහට පමණ පැමිණි ගුරුවරයා සිසුවා නිදා සිටි බවට චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි ද ඒ හේතුවෙන් ඔහුගේ කන ඇතුලත තුවාල වී ලේ ගැලීමක් සිදුව ඇති බවද කොම්පඤ්ඤවීදිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ දැක්වෙයි.

නිදා සිටි සිසුන් කිහිප දෙනෙකුටම එම ගුරුවරයා පහරදී ඇති බවත් තම පුත්‍රයා ගේ මුහුණ හා කම්මුල් ප්‍රදේශයට තදබල ලෙස පහර දී ඇති බවත් මව විසින් කළ පැමිණිල්ලේ සඳහන්ය.

More from GossipMore posts in Gossip »