අයි. ආර්. සී. කරුවකු ලෙස මෙරට ලියාපදිංචි අපරාධකරුවකුගේ බිරියක් සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ වාද්දූව පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට පාණදුර පොලිස් අධිකාරීවරයා ඊයේ (30) පියවර ගෙන තිබේ.
පාණදුර කෙසෙල්වත්තේ පදිංචිකාරියක් වන එම කාන්තාවගේ සැමියාට මෙම පොලිස් සැරයන්වරයා විසින් කළ මරණ තර්ජනයක් ගැන පාණදුර උතුර පොලිසියට ලද පැමිණිල්ලකින් පොලිස් සැරයන්වරයාගේ අනියම් ඇසුර ගැන තොරතුරු හෙළි වී තිබේ.
මෙම කාන්තාව සමඟ සැරයන්වරයා මුදල් ගනුදෙනු පවා කරන බව විමර්ශනවලින් අනාවරණය වූ බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
තමාට මෙම පොලිස් සැරයන්වරයා විසින් මරණීය තර්ජනය කළ බවට වූ පැමිණිල්ල එම කාන්තාවගේ සැමියා වන දිවයිනේ ලියාපදිංචි අපරාධකරු විසින් පොලිසියට කර ඇත්තේ පසුගිය 27 වෙනිදාය.
දිනමිණ






