Press "Enter" to skip to content

මට බයයි…බදාගෙන හිටපන්.. 99 න් දිවි බේරාගත් තරුණයෝ.. ජංගම දුරකථනයේ රූගතවූ දර්ශන මෙන්න..

අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් නුවර වැවට යාමට පැමිණි අවස්ථාවක මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් ජංගම දුරකථනයක සටහන්ව තිබුණි.

මහින්ද ප්‍රාථමික විදූහල අසලින් ගමන් කරමින් සිටිය දී තරුණයින් දෙසට එක්වරම වනඅලියෙක් පැමිණ ඇති අතර තරුණයින් දිවි බේරාගැනීමට අසල තිබු ඇහැටු ගහට නැග තිබේ.

පසුව වනඅලියා එම ස්ථානයේ ඉතා කලබලකාරී ලෙස හැසිරෙන අයුරු ගසට නැග සිටි තරුණයින් විසින් වීඩියෝ ගත කර තිබේ.

විනාඩි කිහිපයකට පසුව වන අලියා නුවර වැව අසලට ගිය පසු තරුණයින් ගහෙන් බැස දිවි බේරාගෙන ගෙන නිවෙස් වෙත ගොස් ඇත.